Torrent ගැන..

අපි චිත්‍රපට ලබාදෙන්නෙ “Torrent” එකක් විදියට.

Torrent කියන්නෙ මොකද්ද?

Torrent කියන එකේ සිංහල තේරුම තමයි “ප්‍රවාහය” කියන එක. ඇත්තටම Torrent කියන්නෙ බොහොම සාර්ථක නිර්මාණයක්. ඒ ඇයි කියල ඔයාලට මේ ලිපිය අවසානයේදි තේරුම් යයි.

අපි මුලින්ම බලමු Torrent වලින් චිත්‍රපටයක් බාගත කරගන්නා ආකාරය.

1. මුලින්ම ඔබට Torrent එකක් බාගන්න Torrent අනුග්‍රාහක (clients) මෘදුකාංගයක් ඕන වෙනව. මේ සදහා මෘදුකාංග විශාල ප්‍රමාණයක් තියෙනව. නමුත් හොදම ඒව තමයි මේ,
  1. uTorrent
  2. BitTorrent
  3. BitTornado
  4. BitComet
  5. Yet ABC
මේ මෘදුකාංග සියල්ලම නොමිලේ ලබාදෙන අතර බොහොම පොඩි ඒවා. මේවයින් කැමති එකක් බාගන්න. මම නිර්දේශ කරන්නෙ නම් uTorrent හා BitTorrent විතරයි.

2. බාගත් මෘදුකාංගය ඔබේ පරිගනකයට Install කරගන්න.

3. දැන් ඔබට ඕන කරන චිත්‍රපටය තෝරාගන්න.
4. චිත්‍රපටය බාගන්න Link එකක් දීල ඇති හැම ලිපියකම. ඒ Link එකට යන්න.
5. එම Link එකෙන් “Torrent File එක” බාගන්න ඔබට ලේසියෙන් පරිශීලනය කරන්න පුලුවන් තැනකට.
6..දැන් එම බාගත් ගොනුව Right Click කර Open with ගිහින් තෝරාගන්න ඔබ කලින් ස්ථාපනය කරගත් මෘදුකාංගය.
7. දැන් එම මෘදුකාංගය ඔබෙන් උපදෙස් ඉල්ලාවි කොහෙටද මේ චිත්‍රපටය සේව් කරන්න ඕන කියල. දැන් ඔබේ අන්තර්ජාල සබදතාවයේ වේගය අනුව චිත්‍රපටය බාගතවෙයි.
Torrent වල තාක්ශණික පැත්ත.

    Torrent File එකක් යනු!

ටොරන්ට් ෆයිල් එකක් යනු කුඩා තොරතුරු ප්‍රමාණයක් අඩංගු ගොනුවක්. මෙහි අඩංගු වෙන්නෙ බාගත කළ යුතු ගොනුවේ නම, එහි විශාලත්වය, බාගත කල යුත්තේ කොහෙන්ද වගේ තොරතුරු ටිකක්.

    Torrent Client එකක් යනු!

ටොරන්ට් Client එකක් කියන්නෙ මේ බාගත කිරීමේ ක්‍රියාව කළමණාකරනය කරගැනීමට සැදු මෘදුකාංගයක්. මේව නොමිලේ ලබාදෙන අතර බොහොම සැහැල්ලු මෘදුකාංග කියල කියන්න පුලුවන්.

    Torrent Tracker එකක් යනු!

මේක සේවාවක්. මෙමගින් කරන්න ලොව පුරා Torrent මගින් බාගත කරන අය සම්බන්ද කරගෙන ඔවුන්ව කළමනාකරණය කිරීමයි.


Torrent ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?

Torrent ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි. හිතමු X ගාව අලුත්ම චිත්‍රපටියක් තියෙනව කියල, ඔහු ඒක බෙදාදෙන්න කැමතියි අනික් අයටත්. ඔහුට පුලුවන් Torrent File එකක් හදන්න. හදල ඒ File එක දෙනව Z ට. එතකොට Z මේක තමන්ගේ Torrent මෘදුකාංගය හරහා බාන්න පටන් ගන්නව. .X මේ චිත්‍රපටය කොහෙටවත් Upload කලේ නෑනෙ. Z බානකොට මේ Torrent එක යන්නෙ X ගේ පරිගනකයේ ඉදල. මෙහිදි මෙම ක්‍රියාව කළමනාකරණය කරන්නෙ Tracker එකක් මගින්. ඒ නිසා Xට සිදුවෙනව Z මේක බාල ඉවර වෙනකම්ම මේ චිත්‍රපටිය Upload කරන්න, මේකට තමයි Seed කරනව කියන්නෙ. දැන් ඔන්න Z ගාවත් අදාල චිත්‍රපටිය තියෙනව. මේක තමයි මූලික සිද්දාන්තය.

දැන් බලමු ප්‍රසිද්දම චිත්‍රපටි වලට වෙන දේ මොකද්ද කියල.

මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව Torrent File එක (චිත්‍රපටය නෙවෙයි ) Upload කරනව මෙහෙම Torrent බෙදාහරින වෙබ් අඩවියකට (දැන් සීඩර්ස්ල 1 යි). අපි හිතමුකො මේ චිත්‍රපටය හොය හොයා ඉන්න පුද්ගලයන් 10 දකිනව මේ Torrent එක. එයාල මේක බාගන්නව, බාගන්න අතරතුර Upload  කරනව. එමගින් චිත්‍රපටියත් බාගන්නව. (දැන් සීඩර්ස්ල 10යි) ඔන්න තව 100 දෙනෙක් මේ Torrent එක දැකල බාගන්නව, ඒ ගමන්ම Upload කරනව. (දැන් සීඩර්ස්ල 100+යි) මේ විදියට තමයි අපි බාන ජනප්‍රිය චිත්‍රපටි අපේ පරිගනකයට එන්නෙ.

ඒ කියන්නෙ ඔබේ පරිගනකයට මේ චිත්‍රපටය ආවෙත් වෙනත් කෙනෙක් හරහා. චිත්‍රපටය බාගත්තට පස්සෙත් ටික වෙලාවක් Seed කරල තවත් ඔබ වගේම කෙනෙක්ට ඒ උදව්ව කරන්න.