Sunday, March 4, 2012

The Adventures of Tintin [2011] | ටින්ටින් ගේ වීර වික්‍රම: කඟවේනාගේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]


මේ චිත්‍රපටිය 2011 දී තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ලෝප්‍රකට සිනමාකරු Steven Spielberg ගේ අධ්‍යක්ෂනයක් වුන මේ චිත්‍රපටිය ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටියක්. Jamie Bell, Andy Serkis, Daniel Craig වගේ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටිය සදහා හඩ ලබා දෙනවා.

ඉතින්, වාර්ථාකරු ටින්ටින් ගැන අහලා නැති කෙනෙක් ඉන්න බෑනේ නේද? මේ චිත්‍රපටියේ කථාව සඳහා පාදක වෙන්නේ කථා මාලාවේ THE SECRET OF THE UNICORN කියන කථාව. ටින්ටින්ට එයාගේ අතිජාත මිත්‍රයා කැප්ටන් හැඩොක් මුණගැගෙන්නෙත් මේ කොටසේදී.

කඟවේනා නෞකාව කියන්නේ කැප්ටන් හැඩොක්ගේ පරපුරට අයිති ගිළුන නැවක්. මේ නැවත් එක්ක බැඳුන හැඩොක් පරම්පරාවේ අය විතරක් දන්න අභිරහසක් තියනවා. ටින්ටින් දවසක් මේ නැවේ ආකෘතියක් මිලදී ගන්නවා. මේ ආකෘතියත් එක්ක අවාසනාවන්ත සිදුවීම් රැසක් ටින්ටින් කරා පැමිණෙනවා. ඉතින් හැඩොක් පරම්පරාවේ අය විතරක් දන්න මේ අභිරහස මොකක්ද ටින්ටින්ට මේ අභිරහස හොයා ගන්න පුළුවන් වෙයිද?

ඉතින් චිත්‍රපටිය බලලා මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න එක ඔයාලට බාරයි.
  

1 comment: